Sexual-harassment

ළමා සහ කාන්තා හිංසනය පිලිබඳව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුවරඑලිය මහේස්ත්‍රාත් නියෝග කර තිබෙන්නේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලමඩ ප්‍රදේශයේ පදිංචිව පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තියේ මෙහෙයුමට සමාගාමීව ළමා සහ කාන්තා හිංසය මැඩ පැවැත්වීම වෙනුවෙන් නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු බස් රථයකට පොලිස් උපාය දුතියක් යොදවා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින්ද බස් රථයේ යොදවා තිබියදී සැකකරු උපාය දුතියට ලිංගික හිංසනයන් සිදු කර ඇති බවයි නුවරඑලිය පොලීසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සඳහා නුවරඑලිය සිට ගමන් ආරම්භ කරන ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

Similar Posts