මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට සති දහයකට පමන පෙරදි මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම ආසන්යේ පැවති බවත් මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ එහි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර 05වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම අඩි 21ක් පමන පහළ බැස ඇති බවත්ය.

ජලාශයේ ජල මට්ටම මෙසේ පහල බැස තිබුනද මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා පෙර පරිදි අදාල ජල විදුලි බලාගාර වෙත අඛණ්ඩව ලබා දිම සිදු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts