දියගල නොර්ටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැන් රථයක් කිරිවන්එළිය ආරාමය අසල මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තුවාල ලැබු එහි රියදුරු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමට නොර්ටන් බ්‍රීජ් පොලිසිය පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බැතිමතුන් පිරිසක් කිරිවන්එළිය ආරාමය වෙත ගෙනවිත් එම වැන් රථයේ රියදුරු විසින් එම වැන් රථය රැගෙන යන අවස්ථාවේදි එම ආරාමය අසලදි ප්‍රපාතයකට පෙරලිමෙන් එහි රියදුරු මෙසේ තුවාල ලබා ඇති බවත්ය.
අංක 52-2137 දරණ වැන් රථය මෙසේ පෙරලිමෙන් එහි රියදුරු ලෙස කටයුතු කල අවුරුදු 39ක් වයසැති නිහාල් කුමාර යන අය මෙසේ තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත් මෙම අනතුර පිලිබදව නොර්ටන් බ්‍රීජ් පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts