කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්

වසර 70වක පමන කාලයක් මේ රට පාලනය කල පාලකයන් මේ රට විනාශ කරමින් ලෝකයේ සමහර රටවලට මේ රට ඩොලර් මිලියන සියයක පමන නයකට පත්කර ඇති බව ජනාධිපතිධුර අකේෂක අරුනළු ජනතා පක්ෂයේ නායක වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂාන්තන් මහතා පවසයි.
මාධ්‍ය වෙත මේ බව පැවසු ක්‍රිෂාන්තන් මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි පසු ගිය වසර ගනනාවක් පුරා මේ රට පාලනය කරපු සමහර නායකයන් ආගම් වාදය ජාති වාදය ඇති කරමින් ඔවුන්ගේ දේශපාලනය කර ගෙන ගියා වසර 30ක කාලයක් මේ රටේ යුද්ධයක් ඇති කල ප්‍රභාකරන් උතුරු නැගෙන හිර ඇතුළු බොහෝ ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාවට විශාල හානියක් සිදු කලා.
අද ජනාධිපති තරගයට ඉදිරිපත් වෙලා ඉන්න සමහර අයට මේ රටේ ණය ගෙවන්න නිසි සැලසුමක් නැහැ එක් අයෙක් කියනවා ඩොලර් එක ගානේ හොයාගෙන ණය ගෙවනවා කියලා තවත් අයෙක් කියනවා හොරකම් කරපු සල්ලි හොයාගෙන ණය ගෙවනවා කියලා තව අයෙක් කියනවා අවුරුදු 20කින් මේ ණය ගෙවන්න පුලුවන් කියලා එත් මේ ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ.
චන්ද්‍රිකා රජයේ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන් මංත්‍රි ආසන හතලිහක් විතර තිබුනා එහි කිප දෙනකු ඇමතිධුරත් දැරුවා එත් කරපු දෙයක් නැහැ එහෙම අය අද රට පාලනය කරන්න ඉල්ලනවා එය හරියට ත්‍රිවිල් එකක් එලවන්න බැරි අයෙක් බස් එකක් එලවන්න ඉල්ලනවා වාගේ.
අද වන විට කෙන්යාවට අපේ රටේ තේ කුඩු සදහා හොද ඉල්ලුමක් පවතිනවා මේ රටේ වසරකට තේ කුඩු ක්‍රිලෝ කෝටි තුනක් පමන නිපදවනවා එයික් තේ කුඩු මිලියන 15ක් පමන කෙන්යාවට ලබා දිලා එයින් ලැබෙන අදායමෙන් සියයට හැත්ත පහක් නය සදහා කපා හැරලා ඉතිරි සියයට විසි පහා මේ රටේ පරිහරනයට ගන්න පුලුවන්.
එවිට අපිට පුලුවන් විවිධ බදු අඩු කිරිම තුලින් තෙල් ගෑස් වගේ දේවල්ව මිල අඩු කරන්න අරුන්ට මුන්ට බැනලා වැඩක් නැහැ අපි මෙය කිරිමට සැලසුම් සකස් කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….