බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන්සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාවේ අලුත්ම මත්ද්‍රව්‍ය තර්ජනයක් හෙළිවී තිබෙනවා. ඇය සතුව තිබූ සැකසූ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 46ක් වීමත්, එය ‘කුෂ්’ නම් භයානක මත්ද්‍රව්‍යයක් වීමත් එයට හේතුවයි.
කුෂ් කියන්නේ මොකක්ද?
කුෂ් යනු, මරිජුවානා, විවිධ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, මෙන්ම මිනී ඇට පවා භාවිතයෙන් සකස් කරන බිහිසුණු මත්ද්‍රව්‍යයකි. මෙම මත්ද්‍රව්‍යය ප්‍රථමයෙන් ව්‍යාප්ත වුණේ අප්‍රිකාවේ සියරා ලියෝන් රාජ්‍යයේය. එහිදී තරුණයන් අතර බහුලව පැතිරුණු අතර, ඉන්ද්‍රිය අකර්මන්‍යතාව නිසා සිය ගණනක් තරුණ තරුණියන් මිය ගියා.
කුෂ් භාවිතා කරන පුද්ගලයින් නින්දේ මෙන් ඇවිදීම, හදිසියේ වැටීම සහ මාර්ගයෙහි රථවාහනවල ගැටීම වැනි අවදානම් වලට මුහුණ දෙනවා..
ශ්‍රී ලංකාවට පැමිණීම
කුෂ් මත්ද්‍රව්‍යය, දැන් ශ්‍රී ලංකාවටත් පැතිර ඇති බව බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවක් වූ චාලට් මේ ලී නම් තරුණිය සතුව තිබී, මෙතෙක් මෙරට හඳුනාගත් විශාලතම කුෂ් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පෙන්නුම් කරනවා. එම තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක් ලෙසද වාර්තා වුණා.
අවදානම
මෙම මත්ද්‍රව්‍යය තරුණ පරපුර අතර වේගයෙන් ව්‍යාප්ත විය හැකි බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා. මෙය ශ්‍රී ලංකාව තුළ මිනිස් ජීවිත සහ සමාජය සඳහා විනාශකාරී බලපෑමක් ඇති කළ හැකියි. අපරාධ ජාල විසින් ශ්‍රී ලංකාව මෙවන් මත්ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළක් ලෙස භාවිතා කිරීමටත් ඉඩ තිබෙනවා. එම නිසා මේ පිළිබඳ රටම සැලකිලිමත් විය යුතුය.