අවුරුදු ලංවිමත් සමග හැටන් හා වතුකර නගරවල සමහර කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමහර කූට වේලදුන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංවත්ම බඩු මිල හිතු හිතු ලෙස ඉහල දමමින්ද කල් ඉකුත්වු ආහාර වර්ග විකිනිමෙන්ද තමන් ගසා කැමට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
වීශේෂයේ පසු ගිය දිනවලදි දැඩි ලෙස පහල බැස තිබු එලවළු මිල මෙම දින දෙක තුන තුලදි දැඩි ලෙස ඉහල ගොස් ඇති බව කේක් චොකලට් ටිං ආහාර වැනි ආහාර වර්ගවල කල් ඉකුත් වන දින මකා දමමින් විකිනිම සිදු කරන බවද එම පිරිස් පවසති.
10වන දින බොංචි බටු කැරට් වැනි එලවළු ක්‍රිලෝව රුපියල් රුපියල් 120ත් 150ත් අතර මිලකට අලෙවිවු අතර එම එලවළු 11වන දින ක්‍රිලෝව රුපියල් 320ත් 350ත් අතර මිලකට අලෙවිවු අතර එම එලවළුම 12වන දින ක්‍රිලෝව රුපියල් 400ත් 550ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.
එමෙන්ම මුංඇට හකුරු පොල් තෙල් වැනි දුව්‍යද දිනෙන් දින මිල ඉහල ගොස් ඇති බවද පවසන එම පිරිස් වැඩි දුරටත් පවසනුයේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මිල පාලන අංශ මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විවිධ වැටලිම් කලද හැටන් ආශ්‍රිත වතුකර ප්‍රදේශවල එවැනි වැටලිම් නිසි සෙල සිදු නොවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts