coronadelta

ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත.

එම වසංගතය හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් බවත්, එම වසංගතය බොහෝ විට කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

Similar Posts