වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති.

මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති. නමුත් ස්ථාන කිපයක බෝක්කු , පාලම් සහ මාර්ග සංවර්ධන කටයුතු අවසන් නොකිරිමෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටිති.

වලල්ලාවිට, කටුදොර ,අස්ඇද්දුම පාලම ඉදිකිරිම අතහැර දමා ඇති අතර එම ස්ථානයේ අනතුරුදායක බවක් දැක්වෙන සංඥාවක්හෝ නොමැත.

දැනටමත් යතුරුපැදිකරුවන් කිපදෙනෙකුම අනතුරට පත්වු බව අවට පදිංචි කරුවන් කියති. වළල්ලාවිට ගුලවිට ප්‍රදේශයේ ස්ථාන කිපයක බෝක්කු කණු බැදිම අතහැර දමා ඇති අයුරු ද දැකගතහැකිය.

කෝපිවත්ත , ඌරගොඩ ප්‍රදේශයේ පස් දමා සංවර්ධනය කළයුතු ප්‍රදේශවල විශාල වල වල් හෑරි වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මාර්ග සංවර්ධන කටයුතු සිදුකළ අතර මාර්ග සංවර්ධයේ අනතුරු පිළිබද වගකියන්නට කිසිවෙකු නැතැයි ප්‍රදේශයේ ජනතාව කියති.

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු මෙම මාර්ගය සංවර්ධනය වෙනුවෙන් මිලියන ගණනක මුදලක් වැයකලත් ජනතාවට මාරක අනතුරුවලට මුහුණ දෙන්නට සිදුව තිබේ.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

 

Similar Posts