කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය.

ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ පිරිස් හා පතන දිඹුල පොලියේ නිලධාරින් එක්ව මෙම රක්ෂය තුල සිදුව ඇති ගින්න මේ වන විට නිවා දැමිමට පියවර ගනිම්න් සිටින බවත් මේ පිලිබදව පතන දිඹුල පොලිසිය වැඩි දුර පරික්ෂන මෙහෙය වන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts