ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මේ දිනවල පතිතවන දැඩි අව්රශ්මිය කෙළින්ම ගොවියාගේ ගොවිතැන් කටයුතු වලටද එල්ලවී ඇතිබව ගොවි සංවිධාන සභාපතිවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ නිරත රාජ්‍ය නිළධාරීහුද ප්‍රකාශ කරති.කිසි කාලයක නොවූ ලෙස දහවල් කාලයේ පවතින උෂ්ණත්වය හමුවේ සේරුවිල හා කන්තලේ ප්‍රදේශවල කුඹුරුවැඩ කරමින් සිටින අතර තුර ක්ලාන්තවීම්, හෘදයාබාධ වැනි අසනීප තත්වයන් නිසා ගොවි මහතුන් කීප දෙනෙක්ම ප්‍රතිකාරලබා දීමට රෝහල් ගත කිරීමට සිදුවූ අවස්ථා කීපයක්ම පිළිබදව සේරුනුවර නේවාසික ව්‍යාපාර කළමණාකාර ආර්.එම්.රණතුංග මහතා පැවසී ය.
කාලයක් තිස්සේ ගොවිතැනින්ම දිවිසරි කරගන්නා බී.ජී.ඩිංගිරිඅප්පු මහතා මේදිනවල පෑවිල්ලට මුහුණ දෙන ආකාරය විස්තර කළේ මෙඅඒයි.” අපි පාන්දර 5 ට විතර කුඹුරට යනවා.

නේවාසික ව්‍යාපාර කළමණාකාර ආර්.එම්.රණතුංග

10 වෙනකොට කොහොමවත්ම කුඹුරේ ඉන්න බෑ. දෙයියන්ගෙ පෑවිල්ලක් මේක. ගෙදර ඇවිත් හැන්දෑවෙ 5 ට විතර කුඹුරට ගිහින් ආපසු එන්නේ අලින් සමගද ගනුදෙනු කරමින් බව ඔහු කියා සිටියේ එය ඔවුන්ටම උරුමවූ ජීවන රටාවේ කොටසක් ලෙසටයි.
මහවැලිගම යායේ ගොවිතැනට යොමුවී සිටින එස්.විජේකුමාර මහතා මෙසේ අදහස් දැක්වීය. දහවල් කාලයට කුඹුරට පය තියන්න බැරිතරමටම වතුර රත්වෙලා .ටික වෙලාවක් හිටියම දියබට්ටෝ නගිනවා. රත්වුණ වතුරේ රශ්ණය කෙලින්ම මූණට වදිනකොට සක්කරයාටවත් කුඹුරේ බැහැලා ඉන්න බෑ.මේකට කිව්වයි කියලා කරන්න දේකුත් නෑ. අපි මේදුක කියන්නේ මෙච්චර අමාරුවෙන් අපා දුකක් විඳලා ගන්න වී ඇටේට නියම මිලක් නොදී කුණු කොල්ලෙට අරගෙන මහමෝල් හිමියෝ සුරසැප විඳිනකන් පාලකයෝ මර නින්දෙ ඉන්න එකවත් නවත්වයි කියලා හිතලයි . ඒත් ඉතින් පාලකයෝ ඔක්කොම බීරි අලි.”
මේ දිනවල තියෙන අර්බූදයත් එක්ක ගොවීන් වැඩකරන කාලය අඩුවීමෙන් මෙවර ගොවිතැන් කටයුතු ද තරමක් ප්‍රමාදවී ඇතැයි නේවාසික කළමණාකාරවරයා වැඩිදුරටත් පැවසී ය.

බී.ජී.ඩිංගිරිඅප්පු
එස්.විජේකුමාර

සුමිත්‍රා කුමාරිහාමි

 

Similar Posts