shooting

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි

අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත

මන්නාරම උතුරු පළාත විශේෂ විමර්ශන බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගන්නා විට කිලිනොච්චිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී 2023 -06 -21 වෙනි දින කොස්ගොඩ ප්‍රදේශයේ දී විජිත් මහේන්ද්‍ර සිල්වා නොහොත් රන් මල්ලි නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි

2024 ජනවාරි 18 වෙනි දින බලපිටිය ප්‍රදේශයේදී මාළු ව්‍යාපාරිකයකු ඝාතනයට පැමිණ සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්සප් තාක්ෂණය ඔස්සේ කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට යොදාගත් ගිනි අවියේ ඡායාරූප රැසක් අඩංගුව තිබූ අතර එම ඡායාරූප එවා තිබුණේ පොලිසිය සොයමින් සිටි සැකකාර ලාන්ස් කෝප්‍රවරයා බව පොලිසිය සඳහන් කරයි

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටි නැමැත්තාගේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කළ අයෙක් බවත්එක් ඝාතනයක් වෙනුවෙන් සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ තුනක මුදලක් බැර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

සැකකරු අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කහතුඩුව පොලිසියේ නිලධාරීන් සහ මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සමන්විත දැඩි ආරක්ෂාවක් පොලිස් භූමියට යොදා තිබෙනු දක්නට ලැබිණි

කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයුම් මත සහකාර පොලිස් අධිකාරී අයි එස් ටි පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂක ජේ ඒ ජි එම් ජයසිංහ ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Similar Posts