ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට

shooting

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි

අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත

මන්නාරම උතුරු පළාත විශේෂ විමර්ශන බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගන්නා විට කිලිනොච්චිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී 2023 -06 -21 වෙනි දින කොස්ගොඩ ප්‍රදේශයේ දී විජිත් මහේන්ද්‍ර සිල්වා නොහොත් රන් මල්ලි නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි

2024 ජනවාරි 18 වෙනි දින බලපිටිය ප්‍රදේශයේදී මාළු ව්‍යාපාරිකයකු ඝාතනයට පැමිණ සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්සප් තාක්ෂණය ඔස්සේ කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට යොදාගත් ගිනි අවියේ ඡායාරූප රැසක් අඩංගුව තිබූ අතර එම ඡායාරූප එවා තිබුණේ පොලිසිය සොයමින් සිටි සැකකාර ලාන්ස් කෝප්‍රවරයා බව පොලිසිය සඳහන් කරයි

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටි නැමැත්තාගේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කළ අයෙක් බවත්එක් ඝාතනයක් වෙනුවෙන් සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ තුනක මුදලක් බැර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

සැකකරු අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කහතුඩුව පොලිසියේ නිලධාරීන් සහ මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සමන්විත දැඩි ආරක්ෂාවක් පොලිස් භූමියට යොදා තිබෙනු දක්නට ලැබිණි

කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයුම් මත සහකාර පොලිස් අධිකාරී අයි එස් ටි පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂක ජේ ඒ ජි එම් ජයසිංහ ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….