මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සියළුම දෙනාගේ ගෞරවය හිමි විය යුතු බව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරාධිපති අඹගමුව කෝරලයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරි පරිවේනාධිපති පුජ්‍ය මුරුතවෙල පියරතන හිමියන් පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන 24වන දින රාත්‍රි නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ පියදාස මහතා විසින් සංවිධානය කරන ලද බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකමක අනුසාසනාව කරමින් අදහස් දැක්වු මුරුතවෙල පියරතන හිමියන් එහිදි මෙසේද පැවසිය.
මේ රට දැඩි ආර්ථික පරිහානියක් හමුවේ රට දැඩි අගාතයකට පත්වෙමින් තිබු අවදියකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තේ එසේ අගාතයකට යමින් තිබුන රට බාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රමයෙන් මේ රට යම් ස්ථාවර තත්වයකට ගෙන ආවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජංම දිනය අදට යෙදි තිබෙනවා ඒ වෙනුවෙන් පවත්වන මෙම බෝධි පුජා වෙන් හා සෙත් පැතිමේ පිංකම තුලින් එතුමන්ට තවත් චිරාත් කාලයක් මේ රට පාලනය කිරිමට ශක්තිය වාසනාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු.
එමෙන්ම මේ මස 27වන දියට යෙදෙන කේ. කේ. පියදාස මහතාගේ 76වන ජංම දිනය වෙනුවෙන් එතුමන්ට ආශීර්වාද පතමු.
මෙහි බෝධි පුජාව හා ආශිර්වාද පුජාව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරවාසි අරබේගම ගුනරතන හිමියන් මෙහෙයවු අතර මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මංත්‍රි මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා, හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි අසෝක හේරත් මහතා ඇතුළු මස්කෙළිය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts