Similar Posts
රෝහල් අනංගයා අත් අඩංගුවට
තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත්ව ඇති බව කියන 18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන්…
ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක…
රුපියල් 291කින් ගෑස් උස්සන්න ලාෆ් අවසර ඉල්ලයි
කිලෝග්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත. නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වා ඉහළ යනු…
අලුත්ගම දුම්රිය ස්ථානයට පාරු
අලුත්ගම ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවී තිබූ අයුරු. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ගමන් කිරීමට නොහැකිව මහත් අපහසුතාවට පත් වූහ. සුළු වැස්සක දී පවා අලුත්ගම දුම්රියපළේ පියගැටපෙළ ආසන්නය දක්වා ජලය ගැලීමෙන් මඟී ජනතාව නිරන්තර පීඩා විඳිති. දුම්රිය ස්ථානය අසල මාර්ගයේ ජලය…
පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි
මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…
උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය
දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා. ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ…