ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත.

EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ මෙහෙයුම් පද්ධතිය මඟින් ප්‍රධාන කාර්යාලය සමඟ රට පුරා පිහිටා ඇති ඒකක 800කට අධික මෙහෙයුම් මධ්‍යස්ථාන ජාලගත වන අතර, මෙතෙක් මුද්‍රිත මාධ්‍යයෙන් සිදු කෙරුණු අභ්‍යන්තර කටයුතු සියල්ල ඩිජිටල් මාධ්‍යයෙන්ම කඩදාසි රහිතව ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JICA සහ Cyclomax International (Pvt) Ltd ආයතනයන් 2023 ඔක්තෝබරයේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹුණු අතර ව්‍යාපෘතියේ විශේෂත්වය වූයේ මාස හයක් තුළ පද්ධතිය නිර්මාණය කර රට පුරා විහිද ඇති ජලාපවහන මණ්ඩලයේ මධ්‍යස්ථානවල සේවයකයන් 2,000කට අධික ප්‍රමාණයකට නිසි පුහුණුවක් දී පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට හැකි වීමයි.

මෙසේ අභ්‍යන්තර මෙහෙයුම් ඩිජිටල්කරණ වැඩසටහනේ සමාරම්භය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ලක්දිය මැදුර ජල සම්පාදන අමාත්‍යාංශයේදි ඉකුත්දා (09) සිදු විය.

මේ විශේෂ අවස්ථාවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සි.එම්. නෆීල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, JICA ආයතනයේ ප්‍රධාන නියෝජිත යාමදා ටෙස්ට්දුයා, Cyclomax International (Pvt) Ltd ආයතනයේ නියෝජිතයන් හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටි. බාරදීදාසන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් හා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක්ද සහභාගි වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….