water

වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.

මීට අමතරව සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙසයි .

සතුන්ට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට කටයුතු කිරීමෙන් කිරි නිෂ්පාදනය අඩු වීම වළක්වා ගත හැකි බවත් එමගින් සතුන් විජලනය වීම අවම කර ගත හැකි බවද එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts