හැටන් ප්‍රදේශය තුල මේ වන විට පවතින දැඩි ජල හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට පවතින ජල හිගය මත දින දෙකකට වරක් ජලය බේදා හැරිම සිදු කරන බවට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් ප්‍රකාශ කලද පවතින ජල හිගය හේතුවෙන් ජලය බේදා හැරිම දින තුනකට වරක් සිදු කිරිමට එහි නිලධාරින්ට සිදු විමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ තමන්ට නිසි ලෙස ජලය නොලැබිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

සැම වර්ෂයකම වියළි කාලගුණික තත්වයක් පවතින මෙම කාලයන් තුලදි මෙම ජල ප්‍රශ්නයට තමන්ට මුහුණ දිමට සිදුවන බවත් එයට නිසි පිලියම් යෙදිමට හැටන් ජල මණ්ඩලයේ නිලධාරින් අපොසත්වි ඇති බවද එම පිරිස පවසති.

එමෙන්ම මෙම දිනවලදි රාත්‍රි කාලයේ අළුයම් කාලවලදි ජලය බේදා හැරිම සිදු කරන බැවින් තමන්ට නිදි වරාගෙන ජලය රැස් කිරිමට සිදුව ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජල මණ්ඩලයේ නිලධාරියකු පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් නගරයට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts