ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

gov

තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා ඇසිය යුතු නැද්ද?

ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම දැන් ජනප්‍රියත්වයෙන් හීනවෙමින් පවතින සටන්පාඨයකි. එයට හේතුව නම් ජාතික සම්පත් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන රාජ්‍ය ආයතන බොහොමයක් ඇත්ත වශයෙන් ම ජාතික විපත් බව තහවුරු වී තිබීම යි. එබඳු ආයතන විකුණා දැම්මත් දැන් එතරම් මහජන විරෝධයක් මතුවන්නේ නැත. ඇතැම් විට එම ආයතනවල සේවකයින්ට පවා දැන් මෙම යථාර්ථය තේරුම් ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.
පසුගිය කාලයේ මෙම ආයතන රැක ගැනීමට කියමින් විශාල මාධ්‍ය ප්‍රචාර සමග කැඳවන ලද සටන්වලට එම ආයතනවල සේවකයෝ බහුතරයක් සහභාගී නොවුහ.

ඛනිජ තෙල් වෙළෙඳාමේ රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ පනත සම්මත කරන දින කැඳවා තිබු තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනය එදින දහවල් වනවිට අත් හැර දමන ලද්දේ සේවකයින් බහුතරය එයට සහභාගී නොවීම හේතුවෙන් බව රහසක් නොවේ.

මෙම විරෝධතා දැන් තරමක් වෙනස් ලෙස ද ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි. පාඩු ලබන ආයතන විකිණීම සාධාරණ නමුත් ලාභ ලබන ආයතන විකිණීම වැරදිය යන තර්කය ඉන් එකකි. තවත් තර්කයක් නම් මේවා පාඩු ලබන්නේ දේශපාලඥයින්ගේ දුෂණ නිසා බවයි. එමෙන් ම සුදුසු ,දක්ෂ කළමනාකරුවන් වෙනුවට අදක්ෂ ඥාති හිතවතුන් පත් කළ නිසා බව යි. එසේ කියන විට දේශපාලඥයන්ට එසේ කිරීමේ හැකියාව ලැබුණේ මේවා රාජ්‍ය ආයතන වීම නිසා ය යන්න අමතක කරති. නැතහොත් නොතකා හරිති.

රජයට ව්‍යාපාර කරන්න බැරිදැයි අසන සමහරු අතීතයේ ලාභ ලැබූ අයුරු කියති. ආණ්ඩුවට ව්‍යාපාර කරන්න පුළුවන් බවත්, ඒවායින් ලාභ ලබන්නට පුළුවන් බවත්, ඇත්තකි. බොහෝ විට එම ලාභ ලබන්නේ රාජ්‍ය බලය යොදාගෙන ය. ඇත්ත වශයෙන් ම සිදුවන්නේ එම ආයතනවල අකාර්යක්ෂමතවයට ජනතාවට ගෙවන්න සිදුවීම ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. එසේ වූ විට ආයතන ලාභ පෙන්නුවාට ජනතාවට ලාභයක් නැත.

රජයේ වුවත්, පෞද්ගලික වුවත්, ඒකාධිකාරයක් පවතින තැන කාර්යක්ෂම නිෂ්පාදනයක් සිදුවන්නේ නැත. එසේ වන්නේ, තමන්ගේ අකාර්යක්ෂමතාවය නිසා වන හානිය වෙළෙදපොළ හරහා පාරිභොගික්කයා වෙත පැටවීමට ඒකාධිකාරයට හැකි නිසා ය. ආයතනයේ සියලු නාස්තියට පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවෙයි. එවිට ආයතන ලාභ ලබයි. පාඩුව විඳින්නට වෙන්නේ පාරිභෝගිකයාට ය.

රාජ්‍ය ව්‍යවසාය කිසි විටෙක ලාභ නොලබනු ඇතැයි අපි නොකියමු. එසේ වුව ද, ඇත්ත ලාභ ලැබිය හැක්කේ වෙළෙඳපොළ තරඟයට විවෘත කිරීමෙනි. මෙරට රාජ්‍ය ව්‍යාපාර ලබන ලාභ එවැනි සැබෑ ලාභ නොවන බව බොහෝ සාධක මගින් පෙන්වා දිය හැකි ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙයට හොඳ උදාහරණයකි. තෙල් මිල වැඩි කිරීමෙන් පසු මෙම ආයතනය ලාභ ලබන බව කියති. එසේ වුවත්, එහි අති විශාල සේවක අතිරික්තයකට වැටුප් ගෙවන බව, සේවක අතිරික්තයක් සිටිය දී අතිකාල ගෙවීම, මෙන් ම දුෂණ අක්‍රමිකතා ද කෝප් කමිටුව සහ වෙනත් වාර්තා මගින් හෙළිදරව් වී තිබේ. ලාභ ලබන්නේ සියලු විනාශයන්ට ගෙවන්නට පාරිභෝගිකයා පිට බර පැටවීමෙනි. මේ සියල්ල වඩා හොඳින් පෙනෙන්නට පටන්ගත්තේ අයි ඕ සී සමාගමට වෙළෙඳපොළ විවෘත කොට සීමිත තරගයක් ඇති කළ පසුව ය.
මෙබඳු තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා ඇසිය යුතු නැද්ද? මේ සියල්ලට ගෙවන්නේ ජනතාවගේ සාක්කුවෙනි.

රජයේ බැංකුවලට ද මෙබඳු ඒකාධිකාරයක් ලබා දී ඇත්තේ රාජ්‍ය ආයතනවල ගිනුම් ඒවායේ පවත්වාගෙන යාම මගිනි. එමනිසා එම බැංකුවලට තරඟයක් නැත. ප්‍රතිඵලය වශයෙන් එම බැංකු තැන්පතු පොළිය සහ වාණිජ ණය ලබාදෙන පොළිය අතර පවත්වාගෙන යන වෙනස පිළිගත් ප්‍රමිතියට වඩා වැඩි බව කියති. එම පොළී මට්ටම්වල වාසිය ලබාගන්නා පෞද්ගලික බැංකු අධික ලාභ ලබති. බැංකු ක්‍රමයේ තරඟකාරීත්වය ද අවම ය. ප්‍රතිඵලය නම් අපගේ ව්‍යාපාරිකයින්ට බැංකු ණය ලබාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වී තිබීම ය. එලෙස, රාජ්‍ය බැංකු මගින් ඇත්තටම සිදු වී තිබෙන්නේ රටේ ආර්ථිකයට විපතකි.

රක්ෂණ සංස්ථාව ගැන ද කතාව ඒ හා සමානය. ඒකාධිකාරය සාදා ඇත්තේ රජයේ ආයතනවල රක්ෂණ ලබා දීමෙනි. රක්ෂණ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය අවම වීම හා එම ක්ෂේත්‍රයේ ම අකාර්යක්ෂමතාවයට මෙය හේතුව කි.
රෝගාතුරව සිටින මාධ්‍යවේදිනියකට කළ යුතු වූ පරීක්ෂණයකට රජයට අයත් පෞද්ගලික රෝහලකින් දී තිබු ගාස්තුව තරඟකාරී වෙනත් පෞද්ගලික රෝහල්වලට වඩා සියයට 15 ක් 20 ක් තරම් වැඩි මුදලකි. එලෙස ගාස්තු නියම කර ඇත්තේ රජයේ ආයතනවල රක්ෂණ ක්‍රම ආදිය පිලිබඳ යම් ඒකාධිකාරී තත්ත්වයක් ඔවුන්ට ලැබී තිබෙන නිසා විය හැකි ය. ප්‍රතිඵලය නම් සමස්තයක් ලෙස ගාස්තු ඉහළ මට්ටමක තබා ගැනීමට අනෙක් රෝහල්වලට ද අවස්ථාව ලැබීම යි. තරඟකාරීත්වයේ වාසිය රෝගීන්ට නොලැබීම යි.

මෙලෙස මෙම රාජ්‍ය ආයතන මගින් සිදු වී ඇත්තේ රටේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය විනාශ කිරීමයි. මෙහෙම තියාගෙන රටට ගොඩ යන්නත් බැරිය. රට ගොඩ නගන්නත් බැරිය.

සමහරු කියන අතීතයේ තිබු තත්ත්වය මීටත් නරක ය. එකල තිබුණේ සම්පුර්ණ රාජ්‍ය ඒකාධිකාර කියා කිවහොත් වරදක් නැත. සිමෙන්ති සංස්ථාව, වානේ සංස්ථාව , ටයර් සංස්ථාව එබඳු ඒකාධිකාර ලෙස පැවතිණි. ටයර් සංස්ථාව ලාභ ලැබුවේ ආනයනය කරන ටයර්වලට සියයට 300 ක් බදු පනවා තිබීමෙනි.

දැන් මේ ඊනියා ජාතික සම්පත් විකුණා කාලයක් ගත වී ඇත. ප්‍රතිඵලය නම් දැන් අපට එම ක්ෂේත්‍රවල සැබෑ සම්පත් කිව හැකි නිෂ්පාදන ආයතන, සමාගම් රාශියක් බිහි වී තිබීම යි. දැන් අපි ටයර් ඇතුළු රබර් නිෂ්පාදන අපනයනය කරමින් සිටිමු. අපගේ රබර් භාණ්ඩ අපනයන වෙළෙඳපොළ රටවල් සියයකට වඩා වැඩි ය. අපගේ පාරිභෝගිකයාට තරඟකාරී මිලකට භාණ්ඩ මිල දී ගත හැකි ය. සැබෑ ජාතික සම්පත් කිව හැක්කේ මේවාට ය.
අපට සැබෑ ජාතික සම්පත් කිව හැක්කේ නිදහස් වෙළෙඳ කලාප සහ ඉන් පිටත ද පිහිටා ඇති වෙළෙඳපොළේ තරඟකාරී කර්මාන්ත සහ කෘෂිකාර්මික ව්‍යාපෘති වලට ය. රැක ගත යුත්තේ එම සම්පත් ය.

රාජ්‍ය ආයතන ලෙස අපට ඇත්තේ සැබවින් ම ජාතික විපත් ය. ඒවා ජාතික සම්පත් බවට හැරවිය යුතුව තිබේ.

සී.ජේ. අමරතුංග

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….