මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඇත.

දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ.

තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

Similar Posts