bus

ටිකට් පත් ලබා නොදි මගින් ප්‍රවාහන කිරිමේ චෝදනාවන් මත හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනයවු බස් රථයක ධාවන කටයුතු දිනකට තහනම් කිරිමට මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරායේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මගි ප්‍රවාහන අධිකාරියේ හැටන් කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපති රජි කැළුම් මහතා පවසන ලද්දේ මස්කෙළිය හැටන් මාර්ගයේ ධාවනය වන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන  සේවයට අයත් පුද්ගලික බස් රථය ටිකට් පොත් නිමව ඇති බව පවසමින් එම බස් රථයේ ගමන් ගත් මගින්ට ටිකට් පත් ලබා නොදිම පිලිබදව ලද පැමිනිල්ලක් මත නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පරික්ෂනයක් සිදුකල බවත්ය.

එම පරික්ෂනය මත එම බස් රථයේ කොන්දොස්තරවරයා වරදක් සිදු කර ඇති බවට තිරනය විමත් එම එම බස් රථයේ හිමිකරුට මෙන්ම එම කොන්දොස්තරවරයාටද දැඩි ලෙස අවවාද කර එම බස් රථයේ ධාවන කටයුතු හා කොන්දොස්තරවරයාගේ සේවය දිනකට අත් හිටුවිම පියවර ගත් බවද ඔහු පැවසිය.

එමෙන්ම තවත් මෙවන් වරදක් සිදුච කලහොත් එම බස් රථයේ ධාවන කටයුතු දින 14කටද බස්අදාල කොන්දොස්තරවරයාගේ සේවය මාස තුනකට  අත් හිටුවන බවට දැනුම්දි ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ටිකට් පත් නොදෙන කොන්දොස්තරවරුන්ට වැඩවරදී

Similar Posts