උපකාරක පන්ති ගුරුවරයෙකු පලමු වසරේ සිසුන් පිරිසකට ලිංගික අතවර කරන  බවට දැනගත් දෙමාපියවරු පිරිසක් උපකාරක පන්ති ගුරුවරයාට පන්තිය තුළදීම පහර දී පුටුවකට තබා බැඳ තැබීමේ සිද්ධියක් වලස්මුල්ල වරාපිටියෙන්  වාර්තා වෙයි.

24 වැනි දින සවස මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

අනතුරුව සිද්ධිය දැනගත් වලස්මුල්ල පොලීසිය උපකාරක පන්තිය පැවති ස්ථානයට පැමිණ ගුරුවරයා මුදවා ගෙන පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක්වූ  උපකාරක පන්ති ගුරුවරයා වලස්මුල්ල රෝහල වෙත යොමු කළ බව පොලීසිය පවසයි.

උපකාරක පන්තියට සහභාගි වූ බාල වයස්කාර දරුවන්ද වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කරන බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට පත් උපකාරක පන්ති ගුරුවරයා 36 වැනි වියේ පසුවන දෙදරු පියෙකු බවත් ඔහු  අගුණකොළපෑලැස්ස හැලේකඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්න්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට වලස්මුල්ල පොලීසිය විසින් අරඹා තිබේ.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts