ranjith-siyabala-pitiya

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2022 වර්ෂයේදී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ ණය මුදලක් ගෙවීමට තිබූ බවත්, ඉන් අඩක් දේශිය ණය ලෙසත්, ඉතිරි අඩ විදේශ ණය ලෙසත් තිබූ බවත් පෙන්වා දුන් සියඹලාපිටිය මහතා ඉන් දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව විදේශ ණය බහු පාර්ශවීය සහ ද්වි පාර්ශවීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළ සියඹලාපිටිය මහතා , එම බහු පාර්ශවීය ණය අඛණ්ඩව ගෙවීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය. කෙසේ වෙතත් ද්වි පාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථකව මේ වන විට පැවැත්වෙමින් ඇති බවත්, රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමා කොට ගිවිසුම් ගතවීමටත්, ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විටත්, ජුනි මාසය වන විට මෙරට තිබූ ගැඹුරුම ආර්ථික ප්‍රශ්නයක් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සමපූර්ණයෙන්ම නිමා කිරීමත් ඉලක්කය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Similar Posts