law

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාර ව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි ප්‍රකාශ කර ඇත.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සම් 10ක් සම්බන්ධ ව කටයුතු කිරීම අවසන් කිරීමට තීරණය කළ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයා වෙත දැනුම් දී ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කරයි.

Similar Posts