ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකු ඉකුත් මාර්තු 01 දා සමත් විය.

එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් අඩුම කාලයක් වන පැය 9යි විනාඩි 32යි තත්පර 54 කාලයක් තුළ පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මීට පෙර තිබූ ලෝක වාර්තාව බිඳ දමමින් මෙම වාර්තාව තැබූ ළාබාලතම සිසුවා ලෙස ද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම ද විශේෂත්වයකි. කලින් තබා තිබූ වාර්තාව හා නව වාර්තාව අතර කාලය විනාඩියකි.

බෝට්ටුවකින් ධනුස්කොඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01 දා අලුයම 4:15ට සිය ගමන ආරම්භ කර පස්වරු 1.47 යි තත්පර 54 කින් මෙම ගමන අවසන් කළේය. වාර්තාව තැබූ සිසුවා පිළිගැනීමට හින්දු විදුහලේ විදුහල්පති එන්. පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරු තලෙයිමන්නාරම් වෙරළට පැමිණ සිටියහ. මෙම සිසුවාගේ පුහුණුකරු වූ දැනට පෝක් සමුද්‍ර සංධිය හරහා එගොඩ මෙගොඩ පිහිනා ලෝක වාර්තාවක් තබා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා ද මෙම සිසුවාට ධෛර්යයක් හා ආරක්ෂාවක් ලබා දෙමින් සිසුවා සමඟ පිහිනමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙහිදි අදහස් දැක්වූ පුහුණුකරු කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා පැවැසුවේ මෙම සිසුවා තමන්ට හමුවී ඉතා කෙටි කලක් තුළ පුහුණුවීම් සිදු කළ බවයි. සිසුවා මූලික පුහුණුව ලබාගෙන තිබුණේ ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් බව කී පුහුණුකරු තමන් ත්‍රිකුණාමලයට ගොස් මෙම කටයුතු සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ලබා දුන් සහාය ද අමතක නොකරය බව කීය.

මෙම ලෝක වාර්තාව බෝට්ටු ආධාරයෙන් අධීක්ෂණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන විනිසුරු ධනංජය ද සිල්වා මහතා ඇතුළු විනිසුරුවරු හය දෙනකු විසිනි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….