තෛපොංගල් දිනය අදයි

pongul

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනු ලැබේ.ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් වීම විශේෂත්වයක්.

අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ ගුණාංගයේ අගයයි.දෙමළ දින දසුනේ අවුරුද්දෙේ මුල් මාසෙ හඳුන්වන්නේ, තෛ ලෙසයි.පොංගල් කියන්නෙ උදාවීම කියන තේරුමයි.

තෛපොංගල් යනු, නව වසර උදාවීමයි.පළමු මාසයේ පළමු අස්වැන්න සූර්යයාට පුජා කර පවුලටත්, රටටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් මේ උත්සවයට එකතු වෙන්නෙ හරිම උනන්දුවෙනි.

හිමිදිරියේ අවදි වන ඔවුන් ආගමික වතාවත් අරඹයි.අලුත් සහල්, අලුත් උක් ගසක පැණි, එළකිරි යෙදූ කිරිබත්,කහ පිඩක් ද සමග සූර්ය දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍රයකි.ඒ විතරක් නෙවෙයි, කිරි ඉතිරවීමේ චාරිත්‍රයත් මේ එක්කම ඉටු කරයි.

එයින් සංකේතවත් කරන්නේ පවුලේ අනාගත සෞභාග්‍යයි.සොබාදහම එක්ක බද්ධ වෙලා පවත්වන පූජෝත්සව වලින් මේ තෛපොංගල් උත්සවයට ලැබෙන්නෙ ප්‍රමුඛ ස්ථානයකි.

“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතේ තෛයිපොංගල් සැමරීම සතුටක් – ජනපති

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකාÓ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම්වල මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මේ ව්‍යාපෘතියේ සමෝධානිත බව ද එහි දැක්වේ. තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහිලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රටේ ජනිත නව උද්‍යෝගයත් සමඟ Òලස්සන ජීවිතයකÓ බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යෑමට ශ්‍රී ලාංකේය අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු යනුවෙන් ද එහි සඳහන් කර ඇත.

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකීම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසුනොබස්නා වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවේ සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුබාරම්භය සඳහා මේ තෛපොංගල් සැමරුම මහත් ආශීර්වාදයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ දක්වා තිබේ.

ආකල්පමය වෙනසක් සමඟ රට පුනරුද යුගයකට ගෙනයමු – අගමැතිනි

ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. එහි මෙසේ ද සඳහන් වේ.

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නකි. මූලික අවධියේ සිට අස්වනු නෙළීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරළා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණකි.

අපි සැවොම සොබාදහමේ නිර්මාණ වන්නෙමු.සොබාදහමට පිටුපා අපට යාහැකි ගමනක් නැත. එහෙයින් සොබාදහමින් අප ලැබූ ආශීර්වාදය වෙනුවෙන් නැවත කෘතගුණ සැලකීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණාංගයකි. රටක් වශයෙන් අප සුවිශේෂී සංධිස්ථානයකට එළඹ සිටිමු.ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබේ.

ආණ්ඩුව සහ රාජ්‍ය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම්සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්තනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇත්තෙමු. සොබාදහම අගය කිරීම, ගෞරවය දැක්වීම සහ අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක් ද වෙයි. ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා.! යැයි මම සුබපැතුම් එක් කරමි.

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කරමු – විපක්ෂ නායක

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් ‘කෘතගුණ සැලකීම’ ප්‍රගුණ කරමු යැයි තෛපොංගල් දිනට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් මඟින් ප්‍රකාශ කරයි.

කෘෂිකාර්මික ජීවන රටාවේ තමාගේ ආර්ථිකයට, ජීවිතයට සවියක් වූ අස්වැන්න සශ්‍රීක කිරීමට උපකාර කළ සූර්යයාට, සොබාදහමට මෙන්ම එයට උපකාරී වූ ගව මහීෂාදී සතුන්ටත් කෘතගුණ පළ කරන මේ උත්සවය අපට කියා දෙන මහා පාඩම වන‘කෘතගුණ සැලකීම’ යන්න වර්තමාන සමාජය විසින් අනාගතය වෙනුවෙන් නිවැරදිව සමාජගත කිරීම අපගේ වගකීම යැයි ද එහි දැක්වේ.

රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට ⁣තෛපොංගල් උත්සවයේ යටි පෙළ නිවැරදිව කියවා ගැනීමෙන් හැකියාව ලැබේ යනුවෙන් ද එහි දක්වා ඇත. බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු‍ දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයක් සුරැකීමට හේතුවක් ද වනු ඇත. එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උලෙළ සමරන ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටකින් බව ද එම නිවේදනයේ දක්වා ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….