තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය

cyber

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද බවයි.

ලැබී ඇති නවතම තොරතුරුවලට අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බවත්, සහ එම කඳවුරුවලට අලුතින් එක් වී ඇති ශ්‍රී ලංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවටත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව සඳහන්.

විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් තැනැත්තන් වෙළෙඳාම් සිදුකරන්නන් විසින් මෙය සිදුකරනු ලබන බවට කරුණු අනාවරණය වී ඇති අතර මෙහිදී ඔවුන් විසින් වෙනත් රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබන බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පසුව ඔවුන් රැකියා සම්මුඛ පරීක්‍ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කොට ඇති බව සඳහන්. මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ව මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද පවා ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් දැක්වෙනවා.

ඒ අනුව, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය අවධාරණය කරන්නේ “නීතිවිරෝධි සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් වන අතර, එමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්‍ෂකයින් සංචාරක වීසා මත වෙනත් රටවලට ගමන් කිරීම නොකළ යුතුය.” යන්නයි.

ඒ අනුව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මහජනතාවගෙන්, රැකියා ඉලක්කගත සංක්‍රමණය සඳහා බලයලත් ආයතන හරහා ආරක්‍ෂිත, නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, සුපරීක්‍ෂාකාරීව සිටීම සහ සැක කටයුතු තැනැත්තන් වෙළඳාම් පිළිබද වාර්තා කරන ලෙසත්, එලෙස අවදානමට ලක්වී දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන් පිළිබඳව අදාල අංශ වෙත දැනුම් දීම ඔස්සේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්‍ෂා කරන ලෙසත් ඉල්ලා සිටියි.

එමෙන්ම, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 0112102570 සහ 076 844 7700 යන දුරකථන අංක ඔස්සේ හෝ nahttfsrilanka@gmail.com යන ඊමේල් ලිපිනයන් ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය බැඳී සිටින බවත් අවධාරණය කර ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….