death

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි.

මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ මරණයක් බවට සහතික කර ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි.

පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නෙ.

Similar Posts