sim

දුරකතන අංක සඳහා අධික ඉල්ලුමක් තිබෙනවා. ඉතින් දැන් මේ අංකවලින් ඉලක්කම් 10ක් වන පරිදි දිය හැකි සියලු අංක දීලා ඉවරයි. ඒ නිසා දැන් ඒ අංකවලින් අලුතින් අංක නිකුත් කරන්නෙ නැහැ. ඒ වෙනුවට දැන් නිකුත් කරන්නේ 076 සහ 074 ලෙස ආරම්භ වන දුරකථන අංකයි.

උදාහරණ ලෙසින් ඩයලොග් සමාගමේ පළමු අංක තුන ලෙස හඳුන්වා දුන් 077 අංක අවසන් වූ පසුව 076ත් 074ත් අංක ලබා දෙන ලදි. එමෙන්ම මොබිටෙල් 071 අංක අවසන් වූ නිසා ඉන් පසුව 070ත් ලබා දෙන ලදි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිරතුරුවම දුරකථන සේවා සපයන සමාගම් වෙත දන්වන්නේ අක්‍රිය තත්ත්වයේ ඇති අංක යළි භාවිත කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙසේ එක් අයකු කෙටි කාලයක් භාවිත කර සිම්පත් ඉවත් කර තවත් සිම්පතක් ගැනීම ආරක්ෂාවට තර්ජනයක් පවා වෙන්නට පුළුවන්.

සිම් පතක් නිකුත් කරන්නේ එය ලබාගන්නා තැනැත්තාගේ සියලු තොරතුරු ලබාගෙන බැවින් එයින් ආරක්ෂාවට කිසිදු ගැටලුවක් ඇති නොවේ. එහෙත් ගැටලුව වන්නේ තමන්ගේ නමින් වරක් නිකුත් කරන ලද සිම්පතක් නැවත ලබාගත් වෙනත් අයකු එය අවභාවිත කළ හොත් මුල් පාරිභෝගිකයාටත් නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවීමයි.

ඒ නිසා හිතුණු හිතුණු හැටියට අලුතින් සිම්පත් ගන්න එපා. ගත්ත සිම්පත දිගටම භාවිතා කරන්න. මේ දුරකථන අංකත් ජාතික දේපළවලට ඇතුළත් වෙනවා.

More Stories