ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය.

ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන චෝනාවටද වසර විස්සක්ද සහ තුන් වන චෝදනාවට වසර දහයක්ද බැගින් මෙම වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දර්ශිකා විමලසිරි මෙනවිය පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බව ද තවදුටරත් නියෝග කරනු ලැබුවාය.

ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක්ද නියම කරනු ලැබුවාය.

Similar Posts