දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතියේ තත්ත්වය

law

වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ සභා රැස්වීම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ(23) තලවතුගොඩ Monach Imperial හෝටලයේ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙමින් තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ පවතින විධි විධාන අනුව වයස අවුරුදු 16 කට අඩු දැරිවියකට ලිංගික හිංසනයක් කිරීම හෝ කායික සබදතාවයක් පවත්වා ගනු ලබන තැනැත්තෙකුට එරෙහිව ලබාදිය යුතු අවම අනිවාර්ය දඩුවම් ප්‍රමාණයක් පවතිනවා. බොහෝ අවස්ථාවලදී අවුරුදු 14 ට වැඩි අවුරුදු 16ට අඩු දැරිවියන් ඒ අය ආදර සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අය සමග මෙවැනි තත්වයන්ට මුහුණ දී ඇති බවට වන වාර්තා හේතුවෙන් වසර තුනක් හතරක් පමණ අධ්‍යනය කරලා අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණා දණ්ඩ නීති සංග්‍රහයේ දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය යම් කිසි ආකාරයකට සංශෝධනය කරලා අභිමතය පරිදි පවතින තත්වය අනුව සුදුසු දඩුවමක් නියම කරන්න විනිසුරුවරයාට අවස්ථාව දෙන්න කියලා. නමුත් මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජයේ බොහෝ සිවිල් ක්‍රියාකාරීන් කාන්තා සංවිධාන මෙම පනත සම්මත කිරීම අත්හිටුවන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.ඒ අනුව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ අවස්ථාවේ නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා මේ පනත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා. ඒ අනුව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් පසුව කරනු ලබන සංශෝධන කුමන ආකාරද යන්න පිළිබදව තීරණයක් ගත හැකියි.

ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරනවා.

මේ පනත ඉදිරිපත් කලේ මා විසින් කරනු ලැබු අධ්‍යනයකට අනුව නෙවෙයි. විනිසුරුවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පනත ඉදිරිපත් කළා එය තවදුරටත් සාකච්ඡා කරනවා. ඉදිරියේ තවත් පනත් 60 ක් පමණ ගෙන එනවා. ඒ සෑම පනතක්ම ගෙන එනු ලබන්නේ නීතිපතිවරයාට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුවයි.

මේ සියලු පනත් ගෙන එනු ලබන්නේ මහ ජනතාව වෙනුවෙන් මිසක් දේශපාලඥයින් වෙනුවෙන් නෙවෙයි. වසර 150 කට වඩා පැරණි අණ පනත් අපි යාවත්කාලීන කළා. මේවා සංශෝධනය විය යුතුව තිබුණේ මීට වසර තිහකට හතලිහකට පමණ පෙරයි. නමුත් එය සිදු කර තිබුණේ නැහැ. ඒ අනුව අපි ඒ කටයුතු කරමින් පවතිනවා. පසුගිය මාස 18 කාලය තුළ පනත් 40 කට වඩා සංශෝධනය කළ බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….