හැටන් නගරයේ තැන තැන එකතුවන කසල නිසි ලෙස ඉවත් නොකිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයට පිටින් පැමිනෙන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින විවි‍ධ දුර්වලතා හේතුවෙන් එම නගර සභාවේම සමහර කම්කරුවන් නිසි ලෙස කසල ඉවත් නොකිරිම හේතුවෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්, මහජන සෞඛ්‍ය පරික්ෂක ඇතුළු නිලධාරින් පිරිසක් සිටින නිල නිවාස අසලද එකතුවන කසල නිසි ලෙස ඉවත් කරවා ගැනිමටවත් එකි නිලධාරින්ට නොහැකිවන තත්වයට මේ වන විට මෙම නගර සභාවේ පරිපාලනය පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් මත මෙසේ කසල ගොඩ ගැසෙන ස්ථානවල මැසි මදුරු උවදුරද දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙකි තත්වයන් මත තමන්ගේ සෞඛ්‍ය තත්වයන්ටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts