වසර කිහිපයක් තිස්සේ ඇවිදිමට නොහැකි ආබාධිත පුද්ගලයකු බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිනකට රුපියල් 20,000කට වැඩි මුදලක් උපයමින් බිම දිගේ ඇදී යමින් පිටකොටුව හා අවට ප්‍රදේශවල හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග වේල්ලවිදිය පොලිසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු  දිනකට රුපියල් 6000ක පමණ මත්කුඩු පානය කරන බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

සැකකරුට කිසිදු ආබාධයක් නොමැති බවත් ඔහු ගල් ප්ලස්ටරයක් බැඳගෙන වැල්ලම්පිටියේ සිට බස් රථයෙන් දිනපතා පිටකොටුව පැරැණි ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ආසන්නයට ගොස් සිරුරේ පසුපසට ස්පොන්ජර් කැබැලි කිහිපයක් තබා බැඳගෙන මාර්ගයේ රූටා යමින් පිටකොටුව හා අවට ප්‍රදේශයේ සිඟමන් යදින බවද පොලිසිය පවසයි.

 

Similar Posts