මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම සුන්දර දර දැයි සිතේ.එය සිතගත සමාධිගත කරවන නින්නාදයකි. හැඩවෙන බෙර හඩක් සමඟ මිණි ගෙඩි නාදය මගින් සිත පිරේ.රබන් සුරලකට තණු එක් කරමින් විරුඳු රබානේ මිහිරියාව නිහඩ පරිසයේ චිත්‍රණය වී තිබේ.

මා මේ ගමන් කරන්නේ ගාල්ල,අහංගම ගම්මානයේ පිහිටි කුඩා නිවසකටය.ඒ කතා කරන අරුම,පුදුම භූතයා සොයා යන ගමනකය.පරිසරය සුන්දර ය.එසේ වුවද කතා කරන භූතයා සොයා යන කතාව නම් සත්තකින්ම සිතට ගෙන දෙන්නේ බියමුසු වූ හැගීමකි.ගමන දුෂ්කර වුවද කතා කරන භූතයා සොයා අල්ලා ගන්නට හැකි භූත මන්තරය නොදත් නිසා කතා කරන භූතයා සොයා යන කතාව අතිශයින්ම බියකරුය.

ගාල්ල, අහංගම බාසුරු පඹසර කුඩාගමගේ ගෙදර හදිසියේ හරි අපුරු සිද්ධියක් සිදු වන්නේය.ඒ ගෙදරට නිතර එනයන පිරිසගේ කටහඩවල් ඔවුන් නැතිව ද ගෙදර වටාපිටා වෙන්ම ඇසෙන කතාවකි.මෙය හරියට ගෙදර කතා කරන භූතයෙක් සිටිනවා වාගේ නිතර නිතර ගෙදර එන යන අය ගෙදර දොරකඩට හෝ වත්තේ ඈත සිට ගෙදර අයට ගෙදර අයගේ නම් කියා අමතන භූතයෙකි.මේ කතා කරන භූතයා ඇත්තටම බියකරු ද? සැකබිය සිත තුළ හොල්මන් කරන්නේ ය.

පෙර කී පරි දි මේ ගෙදර සිදුවන අමුතුම සිද්ධිය කතා කරන භූතයාගේ අමුතුම හැසිරීමයි.මෙය යම් අමුනුෂයෙක් කරනවා ද කියා කුඩාගම නිවසේ නිවැසියෝ මුලින් විස්වාස කළ ද,මේ නිවසේ ගෙදර ඇත්තෝ දැන උගෙන ගත් අය නිසා කුඩාගම පවුලේ ඇත්තෝ ගමේ විවිධ පුද්ගලයන්ගේ හඩින් කතා කර ගෙදර අය බිය කරන කතා කරන භූතයා අල්ලා ගත්තේය.

ඒ වෙනත් කවුරුවත් නොව,ගාල්ල,අහංගම,කුඩාගම ගෙදර වාසය කරන සුරතලා වු බාසුරු පඹසර කුඩාගම පුතාය.වයස අවුරුදු (18) මෙය බාසුරු නැතිනම් ගමම පාසලේ මිතුරන්ද ආදරයට කියනුයේ බාසු කියාය. මේ බාසුනම් ඇත්තටම හරි හපනෙක්ය.හෙතෙම 2024 දී මාතර ශන්ත තෝමස් විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට සුදානමින් සිටිති.

ඉංති කොහැටි වෙතත්,අම්මා තාත්තා අක්කා ගෙදර සිටින නිවාඩු දවස්වල මේ කතා කරන භූතයා නම් වු අපේ මිනිස් භූත උන්නැහේ (බාසු) ගෙදර වත්තේ හැංගි, හැංගී බාසුරු කුඩාගම පුතා ගමේ සිටින අය කතා කරන විදියට බසුරු විවිධ පුද්ගලයන්ගේ කතා කරන හඩ වලින් කතා කර අම්මා තාත්තා අක්කා විටක විය පත් කරනනට සමත් වූහ.තවත් විටක කතා කරන හඩ පමණි.කිසිවකු දකින්නට පෙනේනට නැත.

කතා කරන හඩක් ඇසෙන,නමුත් ගෙදර වත්තේ හෝ ගෙදර මිදුලේ හෝ ගෙදර දොරකඩ කවුරුවත් දැකිය නොහැකිය. මෙය ගෙදර අයට මහා පෙහෙළිකාවක් වූහ. මේ නිසා දින ගණනාවක් නොව මාස ගණනාවක් මේ කතා කරන භූතයා අල්ලා ගන්නට නොයොක් පිළියම් යෙදුවද අල්ලා ගත නොහැකිව ගෙදර අය දස අතේ කල්පනා කළහ.අවසානයේ දී ගෙදරම සිටින ගමේ ගෙදරට එන යන අයගේ කඩ හඩ අනුකරණය කරන ගෙදර භූතයා සිටින බාසු කතා කරන භූතයා අල්ලා ගත්හ.ඒ භූතයකු නොව ගෙදර සුරතලා වු බාසුරු පඹසර කුඩාගම නිවසේ එකම පුතුය.

අපේ කතාන්දරයේ කතා නායකයා වු (බාසු) නැතිනම් බාසුරු පඹසර කුඩාගම දැනට මාතර ශාන්ත තෝමස් විද්‍යලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ක් පමණ වු සුන්දර තරුණ කලාකරුවෙකි.බාසුරු ගාල්ල ධර්මාරාම විද්‍යලයෙන් හා අහංගම රෝහණ මහා විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලබා දැනට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ‍ඉගෙනුම ලබමින් සිටිති.

මේ ආදරණිය සිසුවාට කලා ලොවේ විවිධ වු හැකියාවක් උපතින්ම රැගෙන ආ අපේ කාලයේ අමුතුම කලා කරුවෙකි.අපි අටුවා ටිප්පනි නවතා බාසුරු කුඩාගම කියනා කතාව දැන් අසමු.

මම හය වසරේ ඉගෙන ගන්න කාලයේ අහංගම රෝහණ මහා විද්‍යාලයට කෝපි කඩේ නාටකයේ රංගන පිරිසක් ආවා.එදා අපේ පාසලේ හිටිය නර්තන ගුරුතුමි කීවා රංගනයට දක්ෂ ළමයෙක් ඉන්නවා නම් එන්න.එයාට අද අවස්ථාවක් තියනවා කියලා.අන්න ඒ ආකාරයට තමයි මම රංගනයට ආවේ පාසල් වේදිකාවෙන් යැයි බාසුරු පඹසර කුඩාගම කීවේය.

මගේ තාත්තා ද කලා හැකියාවක් ඇති අයෙක්.රංගනයට, වාදනයට,බටනලා වාදනයට ද දක්ෂතාවක් ඇති දිලිප් කුඩාගම (50) තාත්තා හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවය කරනවා. අම්මා ගෘහණියක්.ඇය නිරෝෂා විජේවික්‍රම (49) මගේ සහෝදරිය එයා පඹසරා කුඩාගම යි.ඇය ගාල්ල,ජනප්‍රිය ඉංග්‍රීසි පාසලක ගුරුවරියක්.ඇය උපාධිධාරිනියක්.

බාසුරු පඹසර කුඩාගමගේ නිවස පිහිටියේ කුඩා කැලෑ රොදකය.ඒ නිවාස සිනගත සමාධිගත කරන පරිසරිරක පිහිටියේ ය.නිවස වත්ත තුරුලතා වලින් සපිරි විවේකිව ගත කරන්නට හැකි සුසැදි පරිසරයක පිහිටා ඇත.

නිවස එකම කලා කලා නිකෙතනයක වැනිය.නිවසේ තැනින් තැන,විවිධ වර්ගයේ පෙරදිග හා අපරදිග සංගිත භාණ්ඩයෝ රැසකි.බාසුරු තම කලා හැකියාවලින් දිනා ගත් සම්මාන ගෙදර පුරාම ඇස් අයාගෙන අප දෙස බලා සිටියෝ ය.

බාසුරුගේ නිදන කාමරය එකම පුස්තකාලයකි. එහි පොත පත පත්තර වලින් නම් අඩුවක් නැත.පරිගණක තාක්ෂණ සාක්ෂරතාවයෙන් සපිරි අපේ කතාවේ කතා නායකයා දෙසවන් දෙනුවන් සිත නින්නාද කරවන බටනාල සංගිතයෙටද උපන් හපන් කමක් ඇති දක්ෂ වු කලාකරුවෙකි.

මම මේවන විට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකයා,පාසල් නාට්‍ය අංශයේ සභාපති, පාසල් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන සංවිධායක ලෙස ද කටයුතු කරනවා.

අහංගම සිරිනාවාස දහම් පාසලේ ගුරුවරයෙක් වශයෙන් ඉරිදාට දහම් අධ්‍යාපනය ලබන බෝසත් ළමා ළපටියන්ට අධ්‍යාපනය ලබා දෙනවා. විරිදු ගායනා කරන්න,රබන් සුරල් සමගින් විවිධ තාලයෙන් කවි,සිංදු,විරිදු කියන්නට,නිවේදන කටයුතු කරන්න,නිදැස් කවි ලියන්නට කියන්නට, නාට්‍ය පිටපත් ලියන්නට,විකට කතා ලියන්නට,රංනයට ද දක්ෂතාවයක් මට තියනවා. ලංකාවේ ප්‍රසිද්ධ චරිත හා නළු නිළියන්ගේ කටහඩවල් ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට අනුකරණය කරන්න මට හැකියාව තියනවා.

ගායනයට,වාදනයට මෙන්ම විරිදු ගායන කරන්නට,හිටිවන කවි කියන්නටද නිවේදින කටයුතු හා රංගනයට ද මට හැකියාවක් තියනවා.මම බලා පොරොත්තුවන්නේ කලාව තුළින් රටට ලෝකයට යමක් කරන්න යැයි බාසුරු පඹසර කුඩාගම සිසුවා කීවේය.

පාසල් අධ්‍යාපනනයටද සිවිශේෂ වු හැකියාවක් ඇති බාසුරු පඹසර කුඩාගම සිසුවා මේවන විට පාසලෙන් ඉදිරිපත් කරන විවිධ වු කාලා කටයුතුවලට නායකත්වය දෙමින් නාට්‍ය හා රංග කලාව තුළින් දැවැන්ත වු මෙහෙවරක් සිදුකරන්නට සමත් වු කලාකරුවෙකි.

ගමේ,ප්‍රදේශයේ විවිධ උත්සව,විවිධ වු කලා කටයුතු නාට්‍යවලට කවියෙන්,විරුදුවෙන්,හිටිවන කවියෙන්,රංගනයෙන් ද නිවේදන කටයුතු වලින් ද දායකත්වයක් ලබා දෙන මේ අපේ කතාන්දරයේ කතා නායකයා සත්තකින්ම සුවිශේෂ වු කලා කරුවෙකි.

අමුතු පංතිය කෙටි චිත්‍රපටය මේවන විට සකස්කර ජනගත කර,සමාජ ගතකර ඇති බාසුරු,නවතම යූ ටියුබ් චැනලයේ ප්‍රධාන චරිතාංග නළුවා ලෙස ද මේවන විට කටයුතු කරමින් සිටිති.

මේ වන විට ලංකවේ ජනප්‍රිය රූපවාහිනි චැනල් කිහිපයකම හඩ කැවීමේ ශිල්පියෙන් ලෙස ද කටයුතු කරන බාසුරු පඹසර කුඩාගම සිසුවා මේවන විට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකින් සම්මාන සහතික හා කලා කිර්ති,දේශ ශක්ති දේශාභිමානි සම්මාන රැසකට හිමිකම් ලබා සිටිති.

බාසුරු පඹසර කුඩාගම පෙර පාසල් වියේ සිටම නිවේදන කටයුතු කරමින් කලා ලොවට එක්වු මේ පාසල් කලා කරුවා කියවීම ලීවීම පොත් හා පත්තර බෑලීම ඔහුගේ විනෝදාංශයෝ වෙති.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති පී.ඒ වීරක්කොඩි හා නියෝජ්‍ය විදුහල්පති දයා ශාන්ත අප විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව භාර ආචාර්ණී මයුරි පයාගල සිල්වා හා ආචාර්ය මණ්ඩලයේ ගුරු දෙමාපියන් මට මේ ගමන එන්නට උපකාර කළා.

අපේ පාසල බාලක පාසලක්.මාතර නගරයේම තමයි පාසල් පිහිටා තියෙන්නේ.පාසලේ මගේ සහෝදර පාසල් මිතුරන්,සිසුන් තුන් දහසකට (3000) අධික පිරිසක් ඉගෙනුම ලබනවා.පාසලේ ආචාර්ය මණ්ඩලය එකසිය හතළිස් හතරක් (144) ක් පමණ සිටිනවා. ඒ සියල්ලෝම මට ලබා දෙන සහාය අගයන්න උවමනායි.

අපේ පාසලේ මාධ්‍ය අංශයේ ආචාර්ය මහේල ඩයස් සර් තමයි මම තව තවත් දිරිමත් කරලා කලා ලෝකයේ දිගු ගමනක් යන්නට පාසල් පරිසරය විවිර කර දෙන්නේ.ඒ වගේම නුවන් රාමනායක හා තිනෙත් රාමනායක කලාවකරුවන් ලබා දෙන සහයෝගයත් අගයනවා.

ලංකාවේ විවිධ උත්සව වලට මම මගේ හැකියාවෙන් මේ වන විට දායක්තවයක් දක්වනවා.ගායන,වාදන,රංගන,නිවේදන ආදි ඕනෑම ආකාරයෙන් ඒ කටයුතුවල නිරත වෙනවා.පාසල් අධ්‍යාපන කටයුතු වලට හානියක් නොවන ආකාරයෙන් තමයි මම බාහිර කලා කටයුතු කරන්නේ.ඒ නිසා සමහර කලා කටයුතු වලට යන්නට නොහැකියි. ඒ අධ්‍යාපන කටයුතු අඩපන නොවන ආකාරයට තමයි,ඒ සියල්ලම මම සකස් කරගෙන සිටින්නේ.

මට කලාවෙන් සමාජය රසවත් කරන්නට අන හිත දුන් පිරිසක්ද මතක් කළ යුතුයි.සුපිවි දොඩංගොඩ,රනිල් උදය කුමාර,නිශාන්ත ද සිල්වා,රාච් ටෙත්ඩීන්,ජයසේකර අපොන්සු,අහංගම රෝහණ මහා විද්‍යාලයේ චතුරිකා බරෙන්තු ගුරු තුමිය ආදි පිරිස මේ අතර සිටිනවා.

ගම්පහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දහම් සිසිලේ  අධ්‍යක්ෂ,නාරංකටුවේ විමලජෝතී නායක හිමියෝ,නවරත්නාපිටිය දේවතාරාමම විහාරයේ හල්ලල නායක හිමියෝ,අහංගම ශ්‍රි සිරිනිවාස ධර්ම විද්‍යාලයේ දමිතවංශ හිමියෝ ද මේ කලා කටයුතු වලට සහයෝගය දක්වා තිබෙනවා. මේ මාගේ කලා කටයුතු වල නිරතවන්නට සහයෝගය දී තිබෙනවා යැයි බාසුරු පඹසර කුඩාගම සිසුවා කීය.

කලා ලෝකයේ දිගට දිගුවට ගමනක් යන්නට අපි බාසුරු පඹසර කුඩාගම,කුඩා කලා කරුවාට සුභ පතිමු.

සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

Similar Posts