dailyreporter

මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළැඹි ඇති බවද ඒ හේතුවෙන් ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවද සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය.

එසේම මෙරට ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත් අතර ප්‍රමාණයක් රෝහල්වල ඇති බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය.

ශ්‍රී ලංකා කායික රෝග විද්‍යාතනය ඊයේ (13 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි කායික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLCIM යනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දැක්වීය. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Similar Posts