දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය.

මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතයට රුපියල් මිලියන 520ක් වියදම් කරන බව ද හෙතෙම කීය.

වර්තමානය වන විට මෙරට පුද්ගලයන්ගේ සිගරට් භාවිතය සියයට 9.1 කින් අවම වී ඇති අතර මෙරට පුද්ගලයන්ගෙන් තවමත් මිලියන 1.5ක් සිගරට් භාවිතය සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට අඩු වෙමින් පවතින සිගරට් භාවිතය තවදුරටත් අඩු කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදු විය යුතු වෙනස්කම් කිහිපයක් පිළිබදව වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කරමින් තිබෙන බවත් එම යෝජනා ක්‍රියාවට නැංවීම සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවත් ඔහු පැවසුවේය.

Similar Posts