දුෂ්තොරතුරු යුගයේ මාධ්‍යකරනයේ මාධ්‍යවේදින් සදහා ඩිජිටල් මෙවලම් කට්ටලය යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ දෙදින වැඩ මුළුවක් නුවරඑළියේදි පවත්වන ලදි.
ශ්‍රිලංකා පුවත් පත් ආයතනය කොළඹ එක්සත් ජනපද තනාපති කාර්යාලයේ සහායෝගය මත මෙම දෙදින වැඩ මුළුව නුවරඑළිය ක්වින්ස්බේරි හෝටලයේදි පැවති අතර මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පිරිසක් එක්ව සිටින ලදි.
මෙහිදි අන්තර් ජාලය ඔස්සේ ඩිජිටල් මාධ්‍ය කරයේදි විවිධ තොරතුරු හබා යාම සදහා අවශය මෙවලම් පිලිබදව වාචික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දිම සිදු කල අතර අන්තර් ජාලයේ ඩිජිටල් මාධ්‍ය කරනයේදි සිදු කරනු ලබන වැරදි හදුනා ගත හැකි ආකාරයන් පිලිබදවද මාධ්‍යවේදින් දැනුවත් කිරිමක් කල අතර එහිදි උදාහරන ලෙස ඉංදියාවේ දිවියකු සුනඛයකු පැහැර ගැනිමට කරන ලද ප්‍රයත්නයක් පිලිබදව රුපරාමු පෙලක් ශ්‍රිලංකාවේ මස්කෙළිය ප්‍රදේශයේ සිදුවුවක් ලෙස හුවා දැක්වෙන වාර්ථාවක් ලංකාවේ රුපවාහිනි නාලිකා කිපයක ප්‍රදර්ශනය කිරිම දැඩි කතා බහාකට ලක්විය.
මෙහිදි එම වැඩ සටහනට එක්වු නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පවසන ලද්දේ මෙවැනි මාධ්‍ය වාර්ථා පලකිරිම තුලින් සමස්ථ මාධ්‍යටම අප්‍රකිර්තියක් ලැබෙන බවත්ය.
මෙහිදි මෙම වැඩ මුළුව ශ්‍රිලංකා පුවත් පත් ආයතනයේ උදාරි මහත්මිය විසින් ඉදිරිපත් කල අතර ශ්‍රිලංකා පුවත් පත් ආයතනයේ මාධ්‍ය පුහුණුකරු කසුන් කුමාරගේ මහතා හා මාධ්‍ය පුහුණුකරු මාධ්‍යවේදි චාමර සම්පත් මහතා විසින් මෙම වාචික හා ප්‍රායෝගික වැඩ මුළුව මෙහෙයවන ලදි.
මෙම වැඩ සටහන අවසානයේදි සහාභාගිවු මාධ්‍යවේදින්ට සහතික පත් ප්‍රධානය කිරිමක්ද සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts