දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවය.

මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන සියයට 75 ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Similar Posts