හැටන් ලෙතන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ පඩුරු පෙට්ටිය හා එහි දේව පිලිමවලට දමා තිබු රන් ආභරණ සොරා ගෙන යාමක් පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින මෙම හිංදු කෝවිලට ඇතුල්වු යම් පිරිසක් එහි පඩුරු පෙට්ටිය හා දේව පිලිමයට පලදවා තිබු පවුම් 05ක පමන රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බවට එම කෝවිල් කමිටුව විසින් පොලිසියට පැමිනිලි කර ඇති බවත්ය.

එම පැමිනිල්ල මත මේ වන විට එම සොරුන් සොයා හැටන් පොලිසියේ නිලධාරින් පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts