මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත ශා/ කේලාර් දිය ඇල්ලට ඉහල කොත්මලේ ජලාශයෙන් ලබා දෙන ජලය සිමා කිරිමත් සමග එම දිය ඇල්ල මලානික තත්වයන්ට පත්ව ඇත.
දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් මෙම ශා/කේලායාර් දිය ඇල්ලට ජලය මුදා හැරිම ඉහල කොත්මලා ඔය ජලාශය මගින් සිදු කරන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයට මුදා හරින ජලය සිමා කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි ශා/ කේයාර් දිය ඇල්ල නැරබිම සදහා ඉදි කර ඇති නැරබුන් මැදිරියේ නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉහල කොත්ලේ ජලාශයෙන් මෙම දිය ඇල්ලට මුදා හරින ජලය සිමා කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
එසේ ජලය මුදා හැරිම සිමා කිරිමත් සමග මෙම දිය ඇල්ලේ පැවති චමත්කාරය මේ වන විට විනාශයට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත මෙම දිය ඇල්ල නැරබිමට පැම්නෙන දෙස් විදෙස් සංචාරකයන්ට එහි චමත්කාරය නැරබිමට නොහැකි තත්වයක් පවතින බවද ඔහු වැඩි දුරටත් පැවසිය‍.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts