දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිමය රාමුව සපයා තිබේ.

එහෙත් දේශීය වෛද්‍ය සේවාව සඳහා රජයේ ප්‍රතිපත්තිමය දිශානතිය මෙහෙයවන තනි ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් සම්පාදනය වී නැත. වත්මන් සේවා සැපයීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට සහ දේශීය වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කිරීම තුළින් අනාගත පරම්පරාවට ගුණාත්මක හා ශක්තිමත් වෛද්‍ය ක්‍රමයක් තිළිණ කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැනනැඟී ඇත.

ඒ අනුව, විද්වත් මණ්ඩලයක් මඟින් පුළුල් සහභාගිත්ව ක්‍රියාවලියක් හරහා සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව ඇත. මෙහිදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

අපේ රටේ හෙළ වෙදකම කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ආවා. පාරම්පරික වෛද්‍යවරු 20,000ක් පමණ දිවයින පුර සිටිනවා. ඔවුන්ට නිල පිළිගැනීමක් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්තියක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. සිද්ධ, යුනානි, ආයුර්වේද සියල්ල සමඟ පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් ඇතුළත් වන ලෙස විද්වත් කමිටුවක් විශාල කාලයක් ගත කරලා ඒ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අරගෙන කාලීන දීර්ඝ සාකච්ඡාවලින් සකස් කළ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 කාල පරිඡේදය තුළ රට තුළ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා. මේ තුළින් පාරම්පරික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ මවුපියන් ආදි පුරාන වට්ටෝරු ක්‍රම ආදි සාම්ප්‍රදායිකව කරගෙන එන අත්දුටු, පත්‍යක්ෂ වෙදකම් සියල්ලට නිල පිළිගැනීමක් ඇති වන ආකාරයට ඒවා දේශීය හා බටහිර වෛද්‍ය සමඟ පර්යේෂණ හා අත්දැකීම් තුළ අපනයන වෙළෙඳපොළ දක්වා ගමන් කිරීමට හැකි වන ආකාරයට වඩාත් පුළුල් සියලු දෙනාගේ එකඟතාවයෙන් ඇතිවෙච්ච ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….