දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා.

ඒ පොලිස් මූලස්ථානයේදී ය.

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය.

ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇත්තේ 1998 වසරේ පෙබරවාරි 23 වැනිදාය.

Similar Posts