paddyfield

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට  කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.

තවත් මාස කිහිපයක් ඇතුලත  බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි.

මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත්  සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්‍ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Similar Posts