ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා ගරුසරු නමින් නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

ඒ අනුව මෙම ආඥා පනත යටතේ මාධ්‍යවේදීන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පෙර පාසල් ගුරුවරුන් ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක විවිධ රැකිරක්ෂා ඇතුළත් අංශ ගණනාවකට වෘත්තීය අයිතිවාසිකම් රැකෙන බව සඳහන් වෙයි.

එමෙන්ම අදාළ වෘත්තිකයින්ට තමන්ට සිදු වන කම්කරු අසාධාරණ ගැන පැමිණිලි කරන්න ස්ථානයක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මෙය හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියි.

Similar Posts