ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන මාරාන්තික “නිපා” වෛරසයේ භයානකකම සහ එම වෛරසය පැතිර යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය ජානකී අබේනායක ජනතාවට දැනුම්දීමක් කරයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළහ.

කුඩා දරුවන් පළතුරු වර්ග ජලයෙන් සෝදා නොකෑමෙන් හා ඌරන් සිටින ෆාම් වල වැඩකරන පුද්ගලයින් ආරක්ෂාකාරීව කටයුතු නොකිරීමෙන් වෛරස ආසාදනය වීමේ අවදානමක පවතින බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළහ.

කුඩා දරුවන් පළතුරු වර්ග සෝදන්නේ නැතිව ආහාරයට ගැනීම සම්බන්ධයෙන් දෙමාපියන් අවදානයක් යොමුකළ යුතු බවත් ෆාම් වල වැඩකරන පුද්ගලයින් ආරක්ෂාකාරී ඇදුමකින් සැරසී ලෙඩවෙලා සිටින ඌරන් සමග කටයුතු කිරීම වැදගත් බවද සදහන් කරයි.

පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙක්ට වෛරස බෝවීමේදි කෙළ, මුත්‍රා, ලේ යන ශ්‍රාවයන් හරහා බෝ වන බවත් පුද්ගලයෙකුගේ ශරීරය ඇතුළට වෛරස ඇතුළු වන්නේ මුඛය හරහා, ඇස් හරහා සහ සමේ සිරීම් කැපීම් වැනි තුවාල හරහා බවද සදහන් කළහ.

Similar Posts