ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය.

අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

ගම්පහ මහ නගර සභාවේ ගැටලු විසඳීම සදහා පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Similar Posts