නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට

සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය.

ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයාගේ සියලු දත්ත පොලිසිය වෙත ලබා දීම සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිනිය පවසන්නීය.

මේ අතර අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹීම, ෂෙයාර් කිරීම මෙන්ම අදහස් දැක්වීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එහිදි සඳහන් වූයේ.

තවද 2022 වසරේ අසභ්‍ය ජායාරූප 146000ක්, 2023 වසරේ ජායාරූප 98000ක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවත් පොලිසිය පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ,

“සයිබර් අවකාශය ඔස්සේ අපේ ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වාර්තා වෙනවා. මේක වළක්වා ගන්න පොලීසිය විසින් මේ සබන්ධයෙන් පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සම්බන්ධවී වැඩ කිරීමට පොලීිසියේ ළමා හා කාන්තා කර්යංශයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දත්ත පද්ධතිය හඳුන්වන්නේ ‘International Centre for Missing & Exploited Children.’ ලෙසයි.”

“සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදාහරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා.”

“මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා.”

“ඒ රටවල්වලට දැනුම්දෙනවා.. ඔබගේ රටේ මෙවැනි අපරාධ සිද්ධ වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා.” යැයි ප්‍රකාශ කළා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….