නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක් සම්මත කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රටක් දියුණු වනවානම් එම රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වඩා වැදගත් බව අමාත්‍යවරයා විසින් සඳහන් කල අතර ආර්ථික වශයෙන් රට ප්‍රකෘත්තිමත් වන්නට පටන් ගත්තා සේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා තමන් අධිකරණ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා විවිධ නීති අණපනත් 45කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කරමින් නව නීති සකස් කිරීමට කටයුතු කල ආකාරය සහ ඉදිරි වසරේ ජනවාරි මස තවත් වැදගත් පනත් අටක් සම්මත කිරීමට සූදානම් බවත් ඉදිරියේදී අවශ්‍යතාවයන් අනුව නව අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් සදහන් කළේය.

අල්ලස දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කරගැනීම තුලින් නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වඩා යහපත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සම්මත කර ඇති පනත් ප්‍රමාණවත් බවත් අදාල පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් වඩා යහපත් තත්වයකට රට පත් කිරීම අපහසු නොවන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ පසුගිය කොඩිඩ් වසංගතය හේතුවෙන් සහ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රසපරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා ප්‍රමාද වී ඇති රසපරීක්ෂක වාර්තා මාස හයක් තුළ කඩිනමින් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර ඇති බවයි.

මේ දින වල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බවද මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

පසුගිය කාලසීමාව තුල මෙරට ආර්ථීක වශයෙන් මෙන්ම සියළු අංශ වලින් රට අරාජිකත්වයට පත්වූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමන් ඇතුළු සුළු පිරිසක් ඉදිරිපත් වී කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන රට අරාජිකත්වයෙන් ගලවාගැනීමේ අභියෝගය භාරගත් බවත් එසේ රට භාරගෙන කටයුතු කිරීම තුළින් යම් සුභදායී තත්වයට රට පත්කරගැනීමට හැකිවූ බව ද සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ හිස්ව තිබූ මහා භාණ්ඩාගාරයේ සංචිත ඉහල නංවාගැනීම කඩිනමින් කලයුතුව තිබූ අතර මේ මොහොත වන විට ඩොලර් සංචිය අපේෂිත මට්ටමට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….