හැටන් පැති විථියේ පදික මාර්ග සමහර යතුරු පැදිකරුවන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම පදික මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම පදික මාර්ගය පදිකයන්ගේ ගමන් පහසුව සදහා ඉදි කර තිබුනද සමහර යතුරු පැදි කරුවන් මෙම පද්ක මාර්ගයේ යතුරු පැදි ධාවනය කරවිමට මෙන්ම යතුරු පැදි නතර කර ගෙන සිටිමට පියවර ගැනිමත් සමග මෙකි පදික මාර්ගයේ ගමන් කරන පදිකයන්ට සමහර අවස්ථාවලදි පදික මාර්ගය අත හැර ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදුව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පදිකයන් පිරිසක් පවසනුයේ මෙම පදික මාර්ගය මෙසේ සමහර යතුරු පැදිකරුවන් විසින් ආක්‍රමනය කිරිම හේතුවෙන් සමහර අවස්ථාවලදි තමන්ට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදුවන බවත් එම තත්වයන් මත තමන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් පවතින බවත්ය.
මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර පදිකයන් තමන්ට පහසුවෙන් ගමන් කල හැකිවන ලෙස මෙම පදික මාර්ග සකස් කර දිමට හැටන් පොලිසියේ නිලධාරින් විසින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts