පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට  අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත තැබීමට නොදෙන බවත් පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ සංවිධානය කියයි.

එහි ප්‍රධාන අනුශාසක උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරි කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන්වහන්සේ මේ බව ඊයී (31) දහවල් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ පත්තිනි දේවාලය අසල දී පැවසූහ.

ඊයේ දහවල් 12.30 ට පමණ උන් වහන්සේලා වැඩම කළ අතර එහි දී භික්ෂූන් වහන්සේලා සහ ගොවි සංවිධාන නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිස ඉවත් කිරීම සදහා පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.ආලෝක බණ්ඩාර මහතා ඇතුළු පොලි නිලධාරින් 20ක් පමණ පැමිණ සිටිය හ.

උන් වහන්සේ ඒ බව පැවසුවේ ඊයේ (31) කිසියම් කුමන්ත්‍රණකාරින් පිරිසක් මහානායක ස්වාමීන් වහන්සේ හෝ අනුනායක ස්වාමීන්වහන්සේ හෝ ජ්‍යෙශ්ඨ ස්වාමීන් වහන්සේ වැව් බැම්මට වඩම්මවා මෙම ව්‍යාපෘතියට ආශිර්වාද කිරීමේ සූදානමක් පිළිබදව තොරතුරු සොයා බැලීමට එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී උන්වහන්සේ මෙසේද පැවසූ හ.

“අපි පක්ෂ පාට භ්හෙදයකින් තොරව පරාක්‍රම සමුද්‍රය බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සීලා පෙරමුණ අරගෙන තිබෙනවා.කිසි කෙනෙකුට වැව් බැම්මේ ඔය මං තීරු ඉදි කරන්න දෙන්නේ නැ.දැන් අද ආරංචියක් ආවා මහානායක් ස්වාමීන් වහන්සී හරි ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා නොමග යවලා වඩම්මලා මේ වැඩේට ආශිර්වාද ගන්න  කියලා.මේ හදන්නේ සංඝ භේදයක් ඇති කරන්න.

මහානායක ස්වාමින් වහන්සේ හරි ජ්‍යෙශ්ඨ ස්වාමින් වහන්සේ හරි හැම දාම පොලොන්නරුව නියෝජනය කළා.උන්වහන්සේලා වඩින එක හොදයි.පැහැදිලිවම මෙ කරන විනාශය දැකලා උන්වහන්සේලා පැහැදිලි තීරණයක් ගනියි.අපි උන්වහන්සේලාගේ අවවාද අනුශාශනා හිස් මුදුනින් පිළිගන්නවා.උන්වහන්සේලා මුලා කරලා නොමග යවලා මේ වගේ වැඩක් කරන්න ගියොත් අපි කිසි සේත් ම ඒක කරන්න දෙන්නේ නැ.මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ.අපේ හදවත ගොවිජනතාවගේ හදවත.පොලොන්නරුවේ මේ වැවෙන් තමයි කුඩා කාලේ ඉදලා අපි බත් කාලා හැදුනේ.

අපේ වැව විනාශ කරන්න එක එක කුමන්ත්‍රණ කාරයන්ට ඉඩ දෙන්නේ නැ.ඊයේ මට කතා කළා මේකේ 1978 සුළි සුළං කාලේ හිටිය ඉන්ජිනේරු මහතයා ඩබ්.ජී.එස්.ගුණවර්ධන මහත්තයා.එතුමා කම්පා වෙනවා.මේ අපේ වැව පහුරු ගානවා දැකලා.එතුමා කිව්වා පොලොන්නරුවේ මිනිස්සු ඉන්නවනම් ඔක කරන්න දෙන්න එපා කියලා.එදා මිනිස්සු 4500ක් යොදලා මහා කලු ගල් කුට්ටි බැම්මේ රළපනාවට දැම්මේ නැත්තන් වැව කැඩෙනවා ඒක වලක්වන්න හැමෝම කැපවෙලා වැඩ කළා කියලා.සමහර කාලවල මේ ‍තෝපාවැව කොටසේ ‍රැල්ල අඩි 8ක් විතර ඉහළට ඉස්සිලා වැව් බැම්මට වතුර ගහනවා කිව්වා.

ඒක බැම්මෙන් මෙහා පැත්තටම වදිනවා කිව්වා.එතුමාත් මට තව ඉන්ජිනෙරු මහත්තයෙක් කතා කළා එතුමන්ලා ලංකාව හැර ගිහින් කල කිරිලා.මේක විනාශ වෙනවා ට කවුරුවත් කැමති නැ.අපි කියන්නේ මේ වැඩේ වෙනත් මුහුණුවරවලින් එන්න ඔන නැ.අපි මේකට විරුද්ධයි.අපේ ගොවි සංවිධාන සියලු දෙනා විරුද්ධයි.දැන් මේ ගල්වපු කොටස හදන්න.හෙට අනිද්දා වැස්ස පටන් ගන්නවා.ඊට කලින් තිබුණු විදිහට හදන්න.”

මෙහි දී වැඩි තවත් භික්ෂුන් වහන්සේ කිහිපනමක් ම අදහස් පල කළ හ.පරාක්‍රම සමුද්‍ර ව්‍යපාර ගොවි සංවිධානයේත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධානයේත් සභාපති ජගත් අරුණ කීර්ති මහතා සහ ගොවි නියෝජිතයන් කිහිපපලක් ම අදහස් දැක්වූ හ.පින්තුරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….