parli

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉන් අනතුරුව එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව බව සඳහන්.

ණය ගැණුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමටත් 2024-02-26 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.

අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මේ පිළිබඳ කරුණු මෙලෙස පැහැදිලි කර තිබේ.

Similar Posts