government information center

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවන බව සඳහන් වෙයි.

එමෙන්ම, ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත.

Similar Posts